This is featured post 1 title
Every Life is a gift of Nature (සෑම ජීවිතයක්ම ස්වභාව ධර්මයේ ත්‍යාගයකි).
This is featured post 2 title
Books are Friends,who will never leave us when we are in Pain.(පොත් යනු දුකෙහිද අප හැර නොයන මිතුරන්ය.)
Sunday, February 17, 2013
Sunday, March 4, 2012
අළුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය
3:31 PM
sample
No comments
ගල බිද ඉදිකරන ලද දේවාලය හෙවත් පත්තිරිප්පුව.
දඔදෙනි යුගයේදී මෙම පුද බිමේ ඉදි කරන ලද උපුල්වන් දේවාලය දැනට විශාල මාරා ගස ඇති ස්ථානයේ ඉදිකර තිබුන දේවාලය මහනුවරට ගෙන යාමෙන් පසුව එහි පල්ලේ දේවාලය හෙවත් පරිවාර දැඩිමුණ්ඩ දේවාලයට බැතිමතුන් පැමින පුද පූජා පැවැත් වූ බවත් ඉතිහාසයේ සදහන් වේ. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් වෙනම ඉදිකරන ලද මුල්ම දේවාලය මෙය වේ.
ක්‍රි:ව 1715 දී පමන අළුත් නුවර පුරාන ලේන් විහාරයේ වැඩ විසූ අස්සද්දනා පිරිවෙන්පති හිමියන්ගේ අනුශාසනාව පරිදි සෙනරත් රජතුමන් විසින් මෙම දේවාලය ඉදි කරවීමට භූමිය සකස් කිරීමේදී විශාල ගල් පවුවක්
දැඩිමුණ්ඩ දෙවියන්ට පිං දෙන ගථාව |
Friday, February 24, 2012
සල්ගල ආරන්‍ය සේනාසනය
5:11 PM
sample
No comments
සවන් විනිවිද යන තරමේ තියුණු කුරුලූ නාදයක් ඇසිණි..... මද පවනේ සෙලවෙන තුරු පත්වල සරසරයත් ගසක ගසක් ඇතිල්ලෙද්දී නැගෙන කන් හිරිවට්ටන තරමේ තියුණු හඬත් මිස නගරයේ කන් කරච්චල් කිසිවක් ඇසෙන්නේ නැත. එහෙත් විවිධ කුරුලූ ගීතවලින් නිරතුරුවම සවන් පිරෙයි.
වරකාපොල-කරවනැල්ල පාර දිගේ විත් ගලපිටමඩ දී සල්ගල පාරට හැරුණු අපි දැන් සිටින්නේ සල්ගල වන ආරණ්‍යය තුළ ය. එහෙත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුවරුවෙහි සටහන් වන්නේ වැල්තැල්ල කැටගිල්ල රක්‍ෂිතය යන වචන කිහිපයයි.
මහාවංශ කතුවරයාට පවා සල්ගල වන අරණ වූ මේ කැලය වැලිතැල්ල කැටගිල්ල රක්‍ෂිතය වූයේ කෙසේ දැයි මම නොදනිමි.
කෙසේ වෙතත් අපි මේ නම් දෙකටම උරුමකම් කියන පහතරට සදාහරිත වන උයනට පිවිස සිටිමු. අපේ අරමුණ මේ වනයේ තිබෙන පින්බිම වන සල්ගල ආරණ්‍ය සේනාසනය දැකබලාගැනීමත් ලෙනගල හා යාවන උමං මාර්ගය සොයා යාමත්ය.
අපි පළමුවෙන් තෝරාගත්තේ සල්ගල වන සෙනසුනෙහි අතිරමණීය සිරි අසිරිය දැක බලාගැනීමය. මේ පින්බිම වැඳ පුදා ගැනීමය. පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටරයකට කිට්ටු දුරක් අපි ඇවිද ගියෙමු. ඒ යද්දී අපට මුණගැසුණු විශේෂත්වය වූයේ පාර අද්දරින් තිබූ ගල්ලෙනයි. එහෙත් කුඩා ගල්ලෙනක් වූ මෙහි කවදාවත් කුටියක් තිබුණු බවක සලකුණු නොවීය. ආරණ්‍ය සේනාසනය තිබුණේ ඊට මදක් ඔබ්බෙනි. පිච්චමල් ආරුක්කුවෙන් ඇතුල් වනවිටම හමුවන්නේ දාන ශාලාවයි.
උදේ නවයට පමණ වනවිට වන අරණ පාමුල පිහිටි සල්ගල දානශාලාවට වැඩම කරන ආරණ්‍යවාසී හිමිවරු දානය පිළිගෙන වන මැද වූ පාර දිගේ නිසංසලව දානශාලාවට වැඩම කරති. තම දන් පාත්තර දානශාලාවේ දිගු මේසය මත තබන හිමිවරු පැන්පහසු වීම ඇතුළු වෙනත් කටයුතුවල නිරත වෙති. උන් වහන්සේලා දානයට වැඩම කරන්නේ පෙරවරු එකොලහයි පහලොවට පමණය.
අප සල්ගල ආරණ්‍යයට යන විට ද වේලාව ඊට ආසන්න වී තිබිණි. අපි ආරණ්‍යවාසී හිමි නමක හමුවීමු. ඒ වනවිට සල්ගල ආරණ්‍යය භාරකාර හිමියෝ පැන්පහසුවෙමින් සිටියහ. අපි විහාරය දෙසට යන්නට ගියෙමු. එහෙත් එවිටම අප ඉදිරියට වැඩම කළේ භාරකාර හිමියන්ය. රතුපාට සිවුරකින් සැරසී සිටි උන්වහන්සේ කුඹුක්කඩවල සුජාත හිමියන්ය.
අපේ ආරණ්‍ය ඉංගිරියෙ මඩකඩ ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක්. අපේ විහාරාධිපති හාමුදුරුවො තමා අම්පිටියෙ මංගල අනුනායක හාමුදුරුවෝ. සුජාත හාමුදුරුවෝ කීහ.
සල්ගල පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගන්නට තිබුණත් අපි ඒ හිමියන්ගෙන් සමුගෙන ආරණ්‍ය සිරි බලන්නට ගියෙමු. දාන ශාලාවට උඩින් දකුණු පැත්තට වන්නට තිබුණේ ආරණ්‍ය සතු විශාලතම ලෙනය.
ඇතු බැඳි ලෙන ලෙස නම්කර තිබූ ඒ විසල් ලෙන පාමුල අපි මොහොතකට නතර වීමු.
මෙහි ඇති නමෙන්ම වැටහෙන්නේ කිසියම් අතීත පුුරාවෘත්තයක් මෙතැන පවතින බවයි.
ඒ පුරා වෘත්තය වළගම්බා රජසමය තෙක් දිව යයි. මහාවංශ කතුවරයාද පවසන පරිදි වළගම්බා රජු සොලී අක‍්‍රමණ හමුවේ පසු බැස වෙස්සගිරියටත් එතැනින් සල්ගලටත් පලාවිත් තිබේ. එසේ පැමිණි රජු සිය ඇතු බැඳ තැබුවේ මේ කියනා ගල්ලෙනේය.
ඇතු බැඳි ලෙනට වම්පසින් ඉහලට යොමුවූ පඩිපෙළකි. අපි මේ පඩිපෙළ නැංගෙමු. එතැන තිබුණේ සිත් අලවන අන්දමේ සක්මන් මලූවකි. අඩි සියයක් පමණ දිග මේ සක්මන් මලූව වැලි අතුරා තිබුණේ ගමන් කිරීමට පහසුවන අන්දමිනි.
සක්මන් මලූව කෙළවර තවත් ලෙනකි. නා ගසක සෙවනෙහි පිහිටි මේ කුඩා ලෙන වේතුල්ල ලෙනයි.
එතැනින් නික්මුනු අප පියමැන්නේ විසල් සල්ගසක් පාමුල පිහිටි තවත් ගල් ලෙනකටය. ගිජ්ජකුඨ ලෙන නමින් හැඳින්වෙන මේ ගල්ලෙන තුළ දර්ශනීය බුදු මැදුරක් සාදවා තිබේ. අප යනවිටත් එහි චිත‍්‍ර කර්මාන්තය නිමවා තිබුණේ නැත.
ඊට ඔබ්බෙන් චෛත්‍යයයි. ඉතා මෑතකදී ගොඩනංවන ලද මේ චෛත්‍යය සල්ගල වන අරණට එක්කරන්නේ අපූර්වත්වයකි.
තම සැප පහසුව නොපැතූ සුජාත හාමුදුරුවෝ අප වෙත පැමිණ සිටිති.
”මේ චෛත්‍යය සල්ගල වන ආරණ්‍යයට තිබුණු ලොකුම අඩුවක් පිරිමැහීමක්. කැලේ මැදින් හැතැප්මක් විතර එන උපාසක මහත්වරුන්ට මෙතන පන්සලක් බව මතක් කරල දෙන්නෙ මෙන්න මේ චෛත්‍යයි. ඉස්සර මේ හරියට එන හුඟාක් දෙනා කෑ ගගහා ආවා මිසක් මෙතැන භාවනා කරන හාමුදුරුවන් ඉන්න තැනක් බව හිතුවෙ නෑ. ඒත් දැන් චෛත්‍යය දකින කොට කාට වුණත් තේරෙනවා මෙතන විනීතව ඉන්න ඕන තැනක් විත්තිය”
සුජාත හාමුදුරුවෝ කියති. අපි චෛත්‍යය පසුකර යළිත් කඳුකර අඩිපාරට පිවිසුනෙමු. ඒ අඩිපාර යොමුවන්නේ බැලූම්ගලට ය.
වළගම්බා රජුගේ රාජ පුරුෂයෝ සතුරු ආක‍්‍රමණ පිළිබඳව සොයා බැලූ බැලූම්ගල මෙතනය. අද මෙතැන ආරණ්‍යයේ ඝණ්ඨාර කුලූනයි. පසෙකින් ඇත්තේ බැලූම්ගල ලෙනයි. මේ ලෙනෙත් අද භාවනානුයෝගී හිමිනමක වෙසෙති.
අපි බැලූම්ගලට නැග්ගෙමු. වන අරණේ උසින්ම පිහිටි ස්ථානය වන මෙතැනට අවට බොහෝ මනරම්ව පෙනේ.
ඈතින්ම පෙනෙන කඳු වළල්ලේ පෙනෙනා සිරිපා කන්ද සිත සතුටු කරන දසුනකි.
සියල්ලම ඇත්තේ බැලූම්ගලට පහළිනි. පහලින් ඇති තුරු හිස් මනරම්ය.
හැන්දෑවෙනකොට මේ ගස් උඩ ගිරව්, මයිනො, සැළලිහිනි පිරිලා. උන්ගෙ සද්දත් එක්ක මෙතන පුදුම විදිහට අලංකාර වෙනවා.
හද පායන දවස්වලට මෙතන තියෙන අපූරුව කියන්න වචන නෑ. අට හමාර වෙනකොට මෙතන පුදුම විදිහට සීතල වෙනවා. අපේ හාමුදුරුවෝ කියති. උන්වහන්සේගේ වදන් ඔස්සේ අපි අපූරු පාරිසරික චිත‍්‍රයක් හිතේ ඇඳගත්තෙමු.
බැලූම්ගල මත ගෙවීගිය හෝරාවකට කිට්ටු කාලයකට පසුව වන මැදින් යළිත් ගමන් ඇරඹුවෙමු. බැලූම්ගල පාමුල අඩි සියයකට පමණ යටින් තිබුණේ පිප්පිලි ලෙනයි. පිප්පිලි ලෙනට ඔබ්බෙන් තිබූ ලෙනත් පසුකර අප ඇවිද ගියේ මහ අරණෙහි පිහිටි වැව බැලීමටය.
අක්කර භාගයක් පමණ විශාලත්වයකින් යුතු මේ වැවට යන පාරේ ගල් පොකුණක්ද තිබේ. කලක් තිස්සේ කොළවලින් වැසී තිබූ ගල් පොකුණ පිරිසිදු කළේ මාස කීපයකට පෙරාතුවය. එහෙත් ඒ අවස්ථාවේ මෙහි වටේට තිබූ ගල් කිහිපයක් ගැලවී බිමට වැටී තිබේ. එතැනින් ගලායන වතුරපාර වන මැදින් ගොස් මහවැවට එකතු වේ.
වතුර වැටෙන හඬකින් වනපෙත නිසල බව බිඳී ගියේය. එහෙත් ඒ දිය ඇල්ලක් නොවේ. කුඩා වැවෙන් වතුර වැටෙන සද්දයකි. කැලේට ගිය මහවැවේ නෙළුම් ඕලූ ආදී මල් වර්ග රැසකි.
කවදා හැදුවාදැයි නොදන්නා තරමට බොහෝ සේ පැරණි මේ වැව වනඅරණට එකතු කරන්නේ අලංකාරයකි.
මේ ළඟ තියෙනවා ගල් ගුහාව ඇතුලෙම හදපු සක්මන් මලූවක්. වැව බලා ආපසු එද්දී අපේ හාමුදුරුවෝ පැවසූහ. අද හේමාලෝක ලෙන ලෙස නම්කර ඇති මේ ලෙනේ සක්මන් මලූව ගල්ගුහාවේම තනා ඇති අයුරු අපූරුය. අඩි හතළිහක් තරම් දිගැති ඒ සක්මන් මලූවට එළිය වැටෙන්නේ යම්තමිනි.
එකකට එකක් බොහෝ දුර බැහැරින් පිහිටි මේ කුටිවල වෙසෙන හිමිවරු නිරන්තර බවුන් වඩති. එහෙත් මේ නිසල වනපෙතේ හුදෙකලාවේ ගෙවන ජීවිතය තනිකමින් පිරී පවතී.
මගේ හිතට වද දෙන ප‍්‍රශ්නයක් මම සුජාත හිමි හමුවේ තැබීමි.
”මේ භාවනා කරන කුටිවල ඔබ වහන්සේලාට තනිකමක් දැනෙන්නෙ නැද්ද”?
”ජීවිතේ කියන්නෙ තනිකම තමා. අපි හිතා හිටියට අපිට අරය ඉන්නවා මෙයා ඉන්නවා කියලා අපිට ඉන්නේ අපි විතරමයි. සංසාරෙ කලකිරිලා මෙතෙන්ට ආව අපිට තනිකමක් දැනෙන්නෙ නෑ”
අප කෙසේ සිතා සිටියත් ජීවිතය සැණකෙළියක් නොවේ. කළයුත්තේ වහ වහා බවුන් වඩමින් මේ අසාර සංසාරයෙන් එතෙර වීමම පමණකි. සුජාත හිමියන් පෙන්වා දුන් ඒ බුදු වදන් සිහිපත් කරමින් සල්ගල වන අරණේ ගස් කොළං අතරින් පියමං කරන්නට වීමු.
ශාන්ත කුමාර විතාන / සේයාරූ - සේහාන් වික‍්‍රමසිංහ
බුදු මැදුර
බැලුම් ගල
ගිජ්ජකූඨ ලෙන
ගල්ලෙන තුල තැනූ සක්මන් මළුවක්
කුඹුක්කඩවල සුජාත හිමි
Thursday, February 23, 2012
කාලතුවක්කු ප‍්‍රහාර විසි දෙකකින් බෑට කෑ චේතියගිරි රජ මහා වෙහෙර
8:48 AM
sample
No comments
පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අස්වද්දන කුඹුරු මැදවච්චිය හන්දියෙන් හැරී පදවිය බලා එද්දී මඟ දෙපසම දිස්වේ. ගොවිකමට ශූර පදවි - පරාක‍්‍රමපුර වැසියන්ගේ උත්තම පුණ්‍ය භූමියකට අද අපි රජමහා වෙහෙරක කතාවෙන් ගොඩ වෙමු.
අනුරාධපුර නගරයේ සිට රඹෑව - මැදවච්චිය කැබිතිගොල්ලෑව - පදවිය පසුකරමින් අපේ ගමන වැටී තිබේ. පරාක‍්‍රමපුර ඇළ අසල හන්දියට පෙනෙන දුරින් ඓතිහාසික චේතියගිරි රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ සිට පරාක‍්‍රමපුරට දුර කිලෝ මීටර් 64කි. මේ ඉපැරණි විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවි ජනපදයට අයත්ය.
චේතියගිරි රජමහා විහාරය, පරාක‍්‍රමපුර පිහිටි බුද්ධංගල, තෝනිගල, රාජපොකුණ ආදී අනෙකුත් පැරණි විහාර අතරින් එකකි.
විහාරයේ මුල් යුගය පිළිබඳව තොරතුරු සොයා බලද්දී චේතියගිරි විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල සමයට අයත්ය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ සමය හෝ ඊට ආසන්න කාලයක මේ විහාරය ගොඩ නැගෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. පදවි ජනපදයේ පිහිටි ඉපැරණි මට්ටමේ බොහෝ වෙහෙර විහාර අනුරාධපුර මුල් යුගයට නෑකම් කියයි. ඒ බව සනාථ කළ හැකි ශිලා ලේඛන හෝ වංශ කතා විස්තර හමු නොවුණත් පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ පිරික්සා බලද්දී විහාරයේ පැරණි බව තහවුරු කරගත හැකිය. විශේෂයෙන් කැටයම් නොකළ සඳකඩ පහන් කිහිපයක්, කැටයම් නොකළ මුරගල් හා අනුරාධපුර මුල් සමයේදී බුදු පිළිමය වෙනුවට වන්දනා මාන කළ සිරිපතුල් ගල් කිහිපයක් චේතියගිරි රජමහා වෙහෙර තැනින් තැන දැකිය හැකිවේ. විශේෂයෙන් මේ සිරිපතුල් ගල් වල බුදු සිරිපාදය සියුම් කැටයම් සහිතව නෙළා තිබේ. මෙවැනි සිරිපතුල් ගලක් කොළඹ කෞතුකාගාරයේ හෝ දැකිය නොහැකි බව විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ අපට පැවසූහ.
විහාර බිම තැනින් තැන පිහිටි කුඩා ගල් කුළු අතරේ ඉදිකර ඇති විහාරාරාංග දැකුම්කළුය. එයින් ලම්බාකාර ගල් කුලක ඉදිකර ඇති චෛත්‍යය බැලූ බැල්මට වෙනස් ආරක් ගනී. මේ චෛත්‍යය කුඩා ගල් කුලක් මත ඉදිකර ඇති නිසා චේතියගිරි නමින් මේ ස්ථානය හඳුන්වන බව කියැවේ. දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් තිබී ඇත. ඉන් පසු එම ගරා වැටුණු චෛත්‍යය මත්තේ නව චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඒ 1961න් පසු කාලයේය. චෛත්‍යයට නැගෙනහිර දෙසින් පැරණි විහාර මැදුරේ නටඹුන් අදත් දක්නට ලැබේ. එහි පැතලි උළු සෙවිලි කර තිබී ඇති අතර චෛත්‍යය ආසන්නයේ එම උළු තවමත් දක්නට ලැබේ.
පැරණි ගල් පඩි පෙළ, ගල් කණු, කොරවක් ගල් රාශියක් විහාර බිම තැනින් තැන පිහිටා තිබේ. මේ හරහා පැහැදිලි වන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රහයද මේ ස්ථාන ලක්වී ඇති බව ඉන් එකකි. වවුනියාව, මුලතිව්, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රික්කවලට ආසන්නයේ මෙවන් ඓතිහාසික ශ්‍රී විභූතියක් පිහිටි පැරණි විහාර පැවතීම අනුව පෙනී යන්නේ මේ ප‍්‍රදේශවල අතීතයේ පටන්ම බෞද්ධ ප‍්‍රබෝධයක් හා සශ්‍රීක ජනපද බොහෝ පවතින්නට ඇති බවය. විටෙක මේ සා ඉපැරණි නටබුන් අපට දකුණේ සමහර ප‍්‍රදේශවලදීද හමු නොවුණි.
විහාරාධිපති හිමියන් පවසන ආකාරයට මේ චේතියගිරි රාජමහා විහාරයට දේවානම්පියතිස්ස මහසෙන්, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ.
විහාර මළුව එදා ගල් බැම්මකින් ආවරණය වී තිබී ඇත. නමුත් පසුකාලීනව එම ගල් බැම්ම විසිරී ගොස් තිබේ. එහි ගල් කුට්ටි තවමත් තැනින් තැන දැකිය හැකිය.
ඉතිහාසය පුරා ඉතා දියුණුව, සශ්‍රීකව පැවැති මේ ප‍්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් වනගත විය. මෑත යුගයේ දියුණුව ඇරඹෙන්නේ ඞී.ඇස්. සේනානායක මහතා පදවිය වැව යළි ප‍්‍රතිසංස්කරණය කරවා ගොවි ජනපද ආරම්භ කිරීමට මුල් අඩිතාලම දැමීමෙන් පසුවය. 1959 දී පරාක‍්‍රමපුර චේතියගිරි විහාරයට වැඩම කළ මාමඩුවේ රතනසාර නාහිමියන් මේ විහාරය සොයාගෙන මෙතැන පොල්අතු මඩුවක් තනා එහි කල් ගත කළහ. එකල පදවි ජනපදයෙහි මිනිසුන් පදිංචි කළ අතර අවට ගම්බිම්ද ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය.
1961 අවසාන කාලයේ මේ විහාරයට වැඩම කළ කුඩා හල්මිල්ලෑවේ රතනසාර නාහිමියන් (වැලිඔය හාමුදුරුවෝ) තවමත් මේ විහාරය ඇතුළු පදවිය-වැලිඔය වෙහෙර තැන්න ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් ගොඩ නංවා, ගොවිජනපද ඇතිකරවා මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් කරගෙන යමින් සිටිති.
උන්වහන්සේ මෙහි වැඩම කිරීමෙන් පසු මේ පළාතකවත් උසස් පෙළ පන්ති නොතිබූ සමයක ගුරුවරුන් යොදවා උසස් පෙළ පන්ති ආරම්භ කළහ. දහම් පාසලක්, පෙර පාසලක්, ඉංග‍්‍රීසි පාසලක්, ජුකී මැෂින් පුහුණුවක් ආරම්භ කළහ. ඒ හරහා ගොවි ජනපද වල වෙසෙන දරුවන්ට අලූත් ලෝකයට ප‍්‍රවිශ්ඨ වීමේ මාර්ග ඇති කළහ. මේ දියුණුව පසුකාලය වෙද්දී පරිගණක තාක්‍ෂණය දක්වා දියුණු කර දරුවන්ට ලබාදීමට නාහිමියන් මුල්වූහ. ඒ සියලූ දේ අතරේ විහාර බිමේ දර්ශනීය බුද්ධ මන්දිරයක්ද ඉදි කළහ. එහි විශාල සමාධි පිළිම වහන්සේ දකින අයගේ පින් සිතිවිලි පහළ කරන අපූර්ව නිර්මාණයකි. විහාර ගෙය පුරා බුද්ධ චරිතයේ සිදුවීම් ලිය වැල්, ජාතක කතා අගනා සිතුවම් දක්නට ලැබේ. එසේම ඝණ්ඨාර කුළුණ, අටවිසි බුද්ධ මන්දිර හා විහාරයේ දැකුම්කළු උද්‍යාන සැලැස්ම තුළ නාහිමියන්ගේත් ශිෂ්‍ය පරපුරේත් දැක්ම, ජාතික ආගමික කැක්කුම, නිර්මාණශිලීභාවය දකින්නවුන්ට පසක් කර දෙයි.
විහාර බිම පසෙක පිහිටියේ පැරණි බෝධීන් වහන්සේ නමකි. පදවිය-පරාක‍්‍රමපුර අවට සියලූම ගම්මාන වලට 1984න් පසු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් මේ විහාරයත් නාහිමියනුත් ඉලක්ක කර කාලතුවක්කු ප‍්‍රහාර 22ක් එල්ල විය. එහි සංඥා ලැබෙන විටම පෙරපාසල් දරුවන් වළකට රිංගවා නාහිමියන්ද ආරක්‍ෂා වෙන්නට සෑම විටම වගබලා ගත්හ. එනිසා විහාර බිමට වැටුණු කාලතුවක්කු ප‍්‍රහාර 22න් එකකින් හෝ කිසිවකුටත් කිසිම තුවාලයක් සිදුවූයේ නැත. නමුත් විහාරයේ ගොඩනැගිලි රාශියකට අලාභහානි සිදුවිය. දැන් ඒ කුරිරු යුද්ධයද හමාරය. ප‍්‍රදේශ ශීඝ‍්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. අවට ගම්මානවල නව ජනපද පිහිටුවමින් යයි. යුද්ධය නිමාවී සැනසුම් සුසුම් විඳින ජනතාව අතරේ ඔවුන්ගේ උතුම් පින් බිමකට අද අපි රජ මහ වෙහෙරක කතාවෙන් ගොඩ වූයෙමු. පදවිය ජනපදයේ බෞද්ධ ප‍්‍රබෝධය විඳගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා.
සටහන හා ඡායාරූප: අසංක ආටිගල
චෛත්‍ය
අනුරාධපුර මුල් යුගයට අයත් පියගැටපෙල
විහාරගෙයි සිතුවම්
සිරිපතුල් ගල
කුඩාහල්මිල්ලෑවේ රතනසාර හිමි
Saturday, December 3, 2011
Friday, December 2, 2011
Monday, November 28, 2011
කුරුලු කැලය රක්ෂිතය
8:25 AM
sample
1 comment
කෑගල්ල පොලීසි පසුකර මීටර් 20 ක් පමන නුවර දෙසට යන විට දකුණු පැත්තට හමුවන බණ්ඩාර නායක මාවතේ මීටර් 20 ක් පමන ගියවිට කුරුලු කැලය රක්ෂිතයට ඇතුළුවන දොරටුව හමුවේ. හෙට්ටයාර් 133 ක් පමන වන මෙම කුරුලු කැලය රක්ෂිතයේ යෝධ මහා පුස් වැල පිහිටා ඇත. මෙය පහත රට තෙත් වනාන්තරයකි.කුරුළු විශේෂ හා සමනල් විශේෂ බෝහෝ සංඛ්‍යාවක් මෙහිදී දැක ගත හැක.