ආයුබෝවන්
ඔබ සාදරයෙන් පිලිගනිමි
Skype Me™!

තිබූ තැනක සොරසතුරන් ගතනොහෙනා එසැඩ මහා වතුරෙන්වත් වලනොහෙනා කෝපවුවත් රජමැතිදුන් ගතනොහෙනා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.

Saturday, December 3, 2011

Friday, December 2, 2011

Monday, November 28, 2011

කුරුලු කැලය රක්ෂිතය

කෑගල්ල පොලීසි පසුකර මීටර් 20 ක් පමන නුවර දෙසට යන විට දකුණු පැත්තට හමුවන බණ්ඩාර නායක මාවතේ මීටර් 20 ක් පමන ගියවිට කුරුලු කැලය රක්ෂිතයට ඇතුළුවන දොරටුව හමුවේ. හෙට්ටයාර් 133 ක් පමන වන මෙම කුරුලු කැලය රක්ෂිතයේ යෝධ මහා පුස් වැල පිහිටා ඇත. මෙය පහත රට තෙත් වනාන්තරයකි.කුරුළු විශේෂ හා සමනල් විශේෂ බෝහෝ සංඛ්‍යාවක් මෙහිදී දැක ගත හැක.

Saturday, November 26, 2011

Friday, November 25, 2011

යට්ටෝගොඩ රජමහ විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ යට්ටෝගොඩ ගම් පියසේ පිහිටි පුරාණ ලෙන් වෙහෙර යට්ටෝගොඩ යටහලෙන රජමහ වෙහෙර නමින් ප්‍රසිද්ධය.කටාරම් කොටන ලද ලෙන තුල සැතපෙන පිළිමය සමග හිටිපිලිම දෙකක් ඔත්පිළිම 2 ක් හා විෂ්නු දේව පිළිමයක් දක්නට ලැබේ. ඉපැරනි විහාරයක් නටබුන් සහ ගල්පොකුණක්ද මෙහිදී දැකගත හැක. කොළඹ නුවර පාරේ නෙළුන්දෙණිය හන්දිය හා බෙලිගස් හංදිය පසුකර 57 වන කි:මි කණුව අසලින් වමට තවත් කි:මි 3 ක් පමන යන්න.

බෙලිගල රජ මහා විහාරය

13 වන සියවසේදී කොත්මලේ සගවා තබන ලද ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ක්‍රි:ව 1232-1236 අතර රජ කල තුන්වන විජයබා රජු විසින් බෙලිගල කන්දේ විහාරයක් කරවා ඒ තුල දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කරන ලදී. මෙහි පොලොන්නරුවේ සදකඩ පහනට ඉතා සමාන දර්ශනීය සදකඩ පහන සමග පුරාන ගොඩනැගිලි වල නටබුන් පොකුණු හා පුරාන ගල්පඩිපේළි දැකගත හැක. කොළඹ නුවර පාරේ නෙළුන්දෙනිය පසුකර 56 වන කි:මී කණුව අසලින් ඇති බෙලිගස් හංදියෙන් වමට කි:මී 4 ක් පමන ගිය විට මෙම පුද බිමට ළගා විය හැක.

Thursday, November 24, 2011

අඹේපුස්ස තානායම හෙවත් කැප්ටන් ඩෝසන් බංගලාව

1822 දී විවෘත කරන ලද කොළඹ නුවර මහා මාර්ගය ඉදිකිරීමෙදී එහි ප්‍රධාන ඉංජිනේරු වරයා වු කැප්ටන් ඩෝසන් මහතාගේ නවාතැන වූයේ අඹේපුස්ස හංදියේ වම් පැත්තේ ඇති මෙම නිවහනයි. මාර්ග ඉදිකිරීමේ කටයුතු වලින් පසුව මෙය සංචාරක බංගලාවක් බවට පත්ව අද දින අමේපුස්ස තානායම ලෙස දිවයින පුරා ප්‍රසිද්ධව පවතී. අඹේපුස්ස තානායමේ සිට කි:මී 1 ක් පමන දුරින් වම් පසින් දේවගිරි ගල් ලෙන් විහාරය පිහිටා තිබේ.

Wednesday, November 23, 2011

බෝතලේ ගෝඨාභය රජමහා විහාරය

වරකාපොල අඹේපුස්ස මාර්ගයේ තුන්වෙනි සැතපුම් කණුව අසලින් සැතපුම් එක හමාරක් පමන බෝතලේ පාරේ ගියවිට ගෝඨාභය රජමහා විහාරයට ලගාවිය  හැක. ඉතා පැරනි වෙහෙරක් වු මෙහි බොහෝ දේ දැන් නටබුන්ව ඇතත් බෝධිය හා ප්‍රාකාරය ඉතිරිව පවතී. බෝධිතලය, බෝතලය වී පසුව බෝතලේ ලෙසට නම් පරිණාමය වී ඇත. එහෙයින් අද බෝතලේ රජමහා විහාරය ලෙස සලකන මෙය යටගිය දවස බෝධිතලය රජමහා විහාරය  ලෙස තිබෙන්නට ඇත.

         මෙම මැප් එක උඩ ක්ලික් කර එහා මෙහා කිරීමෙන් මෙයට ලගාවන මාර්ගය සොයාගත හැක.

දොරවක ලෙන

වරකාපොල නගරයෙන් දකුණුපසට ඇති අගුරුවැල්ල මාර්ගයේ යන ඔබට දොරවක නම් ගම් පියස හමුවේ. දොරවක ගමේ පෞද්ගලික රබර් වත්තකට මැදිව පිහිටි ගල් ලෙනක් පුරා විද්‍යාඥයින්ට  හා මානව විද්‍යාඥයින්ට වැදගත් වන්නේ එම ලෙන තුල ආදිවාසී මානවයින් ජීවත්ව ඇති නිසාය. බලංගොඩ මානවයින් පිළිබද සෙසු එවන් ලෙන් වලට වඩා මෙම ලෙන සුවිශේෂි වන්නේ මෙම ලෙන තුල  ඇද ඇති සරල රූප නිසාය. මේ වූ කලි බලංගොඩ මානවයාගේ මානසික මට්ටමේ දියුනු අවස්ථාවක් ලෙස සැලකිය හැක.



මෙන්න මැප් එක රුවන්වැල්ල පාරේ ගිහිල්ල පුළුවන්නම් හොයාගන්න
තව විස්තර මෙතනින්

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates