ආයුබෝවන්
ඔබ සාදරයෙන් පිලිගනිමි
Skype Me™!

තිබූ තැනක සොරසතුරන් ගතනොහෙනා එසැඩ මහා වතුරෙන්වත් වලනොහෙනා කෝපවුවත් රජමැතිදුන් ගතනොහෙනා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.

Friday, November 25, 2011

බෙලිගල රජ මහා විහාරය

13 වන සියවසේදී කොත්මලේ සගවා තබන ලද ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ ක්‍රි:ව 1232-1236 අතර රජ කල තුන්වන විජයබා රජු විසින් බෙලිගල කන්දේ විහාරයක් කරවා ඒ තුල දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කරන ලදී. මෙහි පොලොන්නරුවේ සදකඩ පහනට ඉතා සමාන දර්ශනීය සදකඩ පහන සමග පුරාන ගොඩනැගිලි වල නටබුන් පොකුණු හා පුරාන ගල්පඩිපේළි දැකගත හැක. කොළඹ නුවර පාරේ නෙළුන්දෙනිය පසුකර 56 වන කි:මී කණුව අසලින් ඇති බෙලිගස් හංදියෙන් වමට කි:මී 4 ක් පමන ගිය විට මෙම පුද බිමට ළගා විය හැක.

0 comments:

Post a Comment

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates